lakbima.lk

මහ බැංකු වාර්තාවෙන් රටට කරන අනතුරු ඇඟවීම

ශ‍්‍රී ලංකා මහා බැංකුව සිය 2018 වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. ආර්ථික වර්ධකය සියයට 3.2 ක් බව එහි දක්වයි. එය නොසෑහෙන ප‍්‍රතිශතයකි. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ සියයට පහක සාමාන්‍යයක් පවත්වාගෙන යන්නට සමත් වූ නමුත් මෑත වසර තුන එයට පහළින් ආර්ථිකය පැවැතී ඇත. මෙම ස්වභාවය පරාජය කර මැදි කාලීන තිරසාර ආර්ථික වර්ධනයක් අත් පත් කර ගැනීම සදහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගණනාවක් එහි යෝජනා කර ඇත.

ගෝලීය ආර්ථිකය පැවැති ස්වභාවය හා දේශීය ආර්ථිකයේ සාධක හේතුවෙන් ආර්ථිකය පසුබෑමකට ලක් වූ බව පිළිගෙන තිබේ. අපනයනය අඩු මට්ටමක පැවැතීම, රාජ්‍ය වියදම වැඩි බව එහි ප‍්‍රධාන කාරණා අතර වෙයි. අපනයන පහත වැටීම කොපමණ බලවත් ද යත් ඉතිහාසයේ පළමු වතාවට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇත. ආයෝජන අඩුකම ඉතිරි කිරීම් මන්දගාමීවීම වර්ධනයට බාධාවක් බව දක්වන්නේය.

පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය හැසුරුණු ආකාරය ගැන මධ්‍යස්ථ, ප‍්‍රශස්ථ විග‍්‍රහයක් මහ බැංකු වාර්තාවේ ඇතුළත්ය. ඉදිරි ගමන් මග ගැන අවධානය යොමු කළ යුතු පැති අනාවරණය කර තිබේ. ඒවා පර්යේෂණාත්මකව දක්වා ඇති අතර මෙතැනින් ඔබ්බට ගමන් කළ යුතු දිශාව දක්වයි. කර්මාන්ත, ව්‍යාපාර, බලශක්තිය, සෞඛ්‍ය වැනි අංශ පමණක් නොව වියපත්වන සමාජය දෙස විමර්ශනාත්මකව බලා ගත යුතු පියවර යෝජනා කරයි.

මෙම වාර්තාව ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ආදී වශයෙන් මැති ඇමැතිවරු හා ප‍්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ සියලූදෙනාට පිරිනැමේ. නිසි පරිදි මෙම වාර්තාව කියවා අධ්‍යයනය කරන්නේ නැත. අභාග්‍යය එයයි. ආරක්ෂක අංශ විවිධ පැති ගවේෂණය කර බලධාරීන්ට දන්වන නමුත් ඒවා නොසලකා හැරීමෙන් රටට සිදුවූ හානිය පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව මැනැවින් දක්වයි. සිද්ධිවලට පසු එකිනෙකා චෝදනා කරගනිති. තමන් දැන නොසිටි බව කියා ඇඟ බේරා ගැනීමට සියලූදෙනා වෑයම් කරති.

ප‍්‍රහාරවලින් සේම ආර්ථිකය නිසි සේ නොහැසිරවීමෙන්ද විපතට පත් වන්නේ පොදු ජනතාවය. ආර්ථික බුද්ධි අංශයක් වශයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව හා රජයට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය සුළු කොට තැකිය යුතු නැත. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවල දී අහිමි වන්නේ ජීවිත හා දේපොළ හෙයින් හැබෑව අත්විඳීන නමුත් ආර්ථික ප‍්‍රහාරවලින් සිදුවන හානිය ජනතාවට දැනෙන්නේ නැත.

ලෝක වෙළෙඳපොළේ රුපියල් තිස්පහක් පමණ වන සීනි කිලෝවක් ජනතාව මිල දී ගන්නේ රුපියල් සියයකටය. අතරමැද විශාල බද්දක් තිබේ. එහෙම වෙන්නේ මෙම ආර්ථික ප‍්‍රහාර හෙයින්ය. තේරුම්ගත යුතු හැබෑව එයයි. සීනි භාවිතය අඩු කරන බද්දක් පනවන සෑම අවස්ථාවකම එය මහජනතාවගේ යහපතට නොව ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමටය. සීනි උදාහරණයක් සේ දක්වන ලද අතර අනෙක් භාණ්ඩ හා සේවාවලට අය කරන ආණ්ඩුවේ කොටසද සෑහෙන ප‍්‍රමාණයකි. එය ජනතාව තකන්නේ නැත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ ස`දහන් ආකාරයට 2018 වසරේ පැවැති ආර්ථික වර්ධනය සියයට 3.2කි. 2017 වසරේදී පෙන්වන ලද වර්ධනය වූ සියයට 3.4  සමග සස`දන විට සුළු වශයෙන් පහත වැටීමක් බව නිරීක්ෂණය කළ හැකිය. පශ්චාත් යුද කාල පරිච්ෙඡ්දයේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. 2010 අවුරුද්දේ වර්ධනය සියයට 3.5ක් 2011 දී සියයට 8.2ක්, 2012 දී සියයට 6.3ක් සහ 2014 දී සියයට 7.3ක් වශයෙනි. පැරණි දත්ත අනුව 2014 වර්ධනය සියයට 7.8ක් නමුත් අලූත් දත්ත ක‍්‍රමය අනුව එය සැලකෙන්නේ සියයට 4.9ක් වශයෙන්ය.

එම තත්ත්වයටත් වඩා පහතට 2018 අවුරුද්දේ ආර්ථිකය පත්වන්නේ කාගේ වරදින්ද? ලෝක බැංකුව වතාවක් දකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනයක් සනිටුහන් කරන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව හැඳින්වීය. 2002-13 කාලයේ වර්ධනයේ සාමාන්‍යය සියයට 6.3ක් වූ අතර 2000 වසරේ දී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 859ක සිට 2013 අවුරුද්දේදී ඇමෙරිකානු ඩොලර් 3,526 දක්වා ඉහළට නැග තිබේ. 2018 වසරේදී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,102කි. 2000 සිට වසර දහතුනක් තුළ පැමිණි ගමන හා සසඳන විට 2013 සිට අද දක්වා වර්ධනය කිසිසේත් සෑහීමකට පත් විය නොහැකිය.

2018 වසරේ ආර්ථිකයේ ස්වභාවය පෙන්වන්නේ තව දුරටත් මහන්සි වී අනාගතය සකස් කරගත යුතු එකක් වශයෙනි. තද කළමනාකරණයක් රහිතව මෙයින් ඔබ්බට ගමන් කරන්නට නොහැකි බව එහි විස්තරාත්මක දත්ත මැනැවින් අනාවරණය කරයි. මැදි ආදායම් මට්ටම උගුලක් වශයෙන් දක්වන මහ බැංකු වාර්තාව එයින් ගැලවීමට ශක්තිමත් උපායශීලී බවක් අවශ්‍ය බව පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවට හා සමාන ආර්ථිකයක් ඇති රටවල් ශීඝ‍්‍ර වර්ධනයක් ළඟා කරගෙන තිබේ. අපනයන දියුණු කර ගෙන ඇත. සෘජු විදේශ ආයෝජන වැඩි කරගෙන තිබේ. රාජ්‍ය ආදායම නංවා ගෙන ඇති අතර ණය බර අඩු කරගෙන ඇත. රාජ්‍ය කළමනාකරණය ඉතාම සකි‍්‍රය වී ඇත. මේවා ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ පොදු ජනතාවට නොවේ. තීන්දු ගන්නා පාලකයන්ට පාඩමක් වශයෙනි.

2017 වසරේ පැවැති සියයට 5.5 ක අයවැය හි`ග ප‍්‍රතිශතය 2018 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.3 දක්වා අඩු වී තිබේ. නමුත් ඉලක්ක කරන ලද 4.8ක් නොවේ. මෙම හි`ගය පියවන්නට ණය ගැනීම හේතුවෙන් මධ්‍යම ආණ්ඩුවේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් වශයෙන් 2014 දී සියයට 76.1 ක සිට 2018 දී සියයට 82.9 දක්වා ඉහළ ගොස් තිබේ. පහුගිය ආණ්ඩුවේ ණය බර ගැන කතා කරන වත්මන් පාලකයන්ගේ ඝෝෂාව හමුවේ මෙම තත්ත්වය නිසි ලෙස අධ්‍යයනය කිරීම වැදගත්ය. 

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට ජනතාවට විශාල වශයෙන් බදු පනවා ඇත. එසේ තිබිය දී පවා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.3 ඉක්මවා ගැනීමට අසමත් වූයේ මන්ද? ශ‍්‍රී ලංකා මහ බැංකුව ද එය ප‍්‍රශ්න කරයි. නිසි කාර්යක්ෂමතාවක් රහිතවීම බව එක හෙලා පෙන්වා දෙයි. මේවා ගැන අනවධානයට හේතු ආණ්ඩුව පැහැදිලි කළ යුතුය. තව තවත් බදු පැනවීම වෙනුවට ලැබෙන ආදායම කාර්යක්ෂමව පාලනය නොකරන්නේ ඇයි? රජයේ වියදම් අවම කිරීම ගැන හිතන්නේ නැත.

පාර්ලිමේන්තුවේ පහසුකම්, මැති ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ පිරිවැය, ආරක්ෂක වියදම්, නාස්තිය හා දූෂණය පෙන්වන්නේ ආදායම ගලා යන වැසිය නොහැකි වී ඇති සිදුරු හැටියටය.
මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි කෘෂි අංශය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයේ වර්ධනය සියයට 4.8 කි. කෘෂි අංශය කලින් වසරට වඩා සියයට 10.2ක පිබිදීමක් පෙන්වයි.

2017 වර්ෂයේ කෘෂිකර්ම අංශය 2016 වසරට වඩා සියයට 0.7ක පහත වැටීමක් තිබුණ අතර එය අභිභවා නැගී සිටීමට හේතුව වැදගත්ය. යහපත් කාලගුණය හා රජයේ පොහොර සහනාධාරය එයට දායක වී තිබේ. කෘෂි අංශයට රසායනික පොහොර අත්හැරීමට කරන ලද පෙළැඹවීම බලවත් පීඩාවක් වූ අතර පසුව එය ආපසු හැරවීම එනම් පනවා තිබු බාධක ඉවත්වීම රටට යහපතක් දැයි සාකච්ඡුා කළ යුතුව තිබේ. ඉදිකිරීම් මන්දගාමී වීම හේතුකරගෙන කර්මාන්ත අංශයේ වර්ධනය 0.9කි. සේවා අංශයේ වර්ධනය 4.7කට සීමා වී තිබේ. ආණ්ඩුව කියන මහා පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ ආයෝජනය ගැන මෙතැනින් ඇඟ වෙන්නෙ නැත.

සලකා බැලිය යුතු කාරණාවකි.
2015 අවුරුද්දේ විරැකියා අනුපාතය සියයට 4.4 දක්වා සුළු වශයෙන් ඉහළට නැග ඇත. තමන්ගේ නිවසක පවා දිනකට පැය ගණනක් සේවය කරන කෙනෙකු වුවත් රැකියාවක් කරන අයෙකු සේ සලකයි. රජයේ වාර්තා පෙන්වන පරිදි සෑම දහ දෙනෙකුගෙන්ම අයෙකු තී‍්‍ර විලර් පැදවීමෙන් ජීවත් වෙයි. මේවා රටක නිෂ්පාදනය දියුණු කරන වෘත්තිය නොවේ. මොනවා හෝ නිපදවා කොතැනකට හෝ විකුණන්නට අවශ්‍යය. එයින් තොර ආර්ථිකයක් ඉදිරියට ගමන් කරන්නේ නැත. අපනයනයෙන් ආදායම අඩු වූ හෙයින් රටට ගෙන්වන දේ සඳහා අධික බදු අය කරන්නට රටට සිදුවූ අතර වාහන ආනයනය වැනි අංශ අධෛර්යයට පත් කරන ලද බව වාර්තාව දක්වයි. 

අපනයන ආදායම හා ආනයන වියදම අතර ගැටලූ හෙයින් විනිමය අනුපාතිකය පීඩනයකට පත් වූ අතර වේගයෙන් රුපියල අවප‍්‍රමාණය වූ බව ද මහ බැංකු වාර්තාව පිළිගනී. රුපියලේ අගය පාලනය කරන්නට මැදිහත් වීමට සිදුවූ බව ද කියයි. පවතින අයහපත් ආර්ථිකය තුළ අලූත් ආයෝජන සිදු නොවේ. එය රැුකියා අවස්ථා බිහි නොකරන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවේ ආදායම සීමා සහිත එකක් කරයි. එය විදේශ වෙළඳාමේ හරහට සිටී.

මේවා එකම චක‍්‍රයක සන්ධිස්ථාන වශයෙන් පෙනේ. ලෝකයේ සෙසු රටවල් තරගකාරීව ආයෝජන ආකර්ෂණය කරගන්නට තැත් දරන පසුබිමක ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ තීරණ ගැනීම ආයෝජන දුර්මුඛ කරන ලද බව ස`දහන් කළ යුතුය. මහ බැංකු වාර්තාව පවා පෙන්වා දෙන්නේ ණය නොවන ප‍්‍රාග්ධන අරමුදලක් පවත්වාගෙන යා හැකි ආකාරයට අවශ්‍ය ප‍්‍රතිපත්ති වෙනස්කළ යුතු බවය.

ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව ඇතිකරන ව්‍යුහාත්මක ප‍්‍රතිංසස්කරණ හ`දුන්වා දීම වැදගත් බවය. පෞද්ගලික අංශයේ පුළුල් සහභාගීත්වය වැදගත් බව ද එහි පෙන්වා දෙයි. මෙම කරුණු දක්වන්නේ මෙතෙක් ප‍්‍රමාද සහිතව සිදුවූ සහ අලූත් වහා අවධානය යොමු කළ යුතු කාරණා වශයෙන් බව ස`දහන් කිරීම අවශ්‍යය.


පවතින ආර්ථිකය අභිභවා නැවුම් තත්ත්වයක් ඇති කරන්නට බරපතළ වෙනස්කම් කරන්නට සිදුවන බව මහ බැංකු වාර්තාව පැහැදිලිව පෙන්වා දෙන කරුණකි. නමුත් 2019 අය වැය යෝජනා සහ ඒවා වරින් වර සංශෝධනය කර නැවතත් පුරුදු ආකාරයටම සහන සහ සුබසාධනය පැත්තට ආණ්ඩුව ඇතුළු වෙයි. මැතිවරණ පොරොන්දු වෙනුවෙන් වියදම් කරයි. ප‍්‍රචාරණ වියදම වැඩිය.

අලූත් තීරණ ගන්නේ නැත. දැන් නැවතත් ආරක්ෂක වියදම් නංවන්නට ඉඩ තිබේ. මෙරට ආරක්ෂක වියදම රුපියල් බිලියන 400 කට ආසන්නය. රටක් හදන්නට නම් නිකුත් කර ඇති මහා බැංකු වාර්ෂික වාර්තාවෙන් ලබා ගත හැකි අදහස් ගණනාවක් තිබේ. එය කෙරෙහි රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයන් පුළුල් අවධානයක් යොමු කළ යුතුය.

ජී.කේ.ජී.සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.