lakbima.lk

අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක

අලූත් ආණ්ඩුව 2019 වසර සඳහා සූදානම්ය. එක්සත් ජාතික පක්ෂය නැවත බලය තහවුරු කර ගැනීමෙන් ඉනික්බිතිව ජනතාවට ලබා දෙන සහන ගැන කතා කිරීම අරඹා ඇත. මෙරට සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවත්වීම ගැන ගැටලූ තිබේ. ජීවන වියදම බරපතළය. ආණ්ඩුවේ ආදායම හා වියදම ගැනද පොදු ජනතාවට අවබෝධයක් ඇත. ලබන වසර වෙනුවෙන් අය වැය ලේඛනයක් නැති බව දැනට ප‍්‍රකාශයට පත්ව තිබේ. අතුරු සම්මත ගිණුමක් සම්මත වූ අතර එය රජයේ වියදම්වලට පමණක් වෙන් කෙරේ. සංවර්ධනය හෝ ජනතා සහන වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් කරන්නට හැකියාවක් නැති අතුරු සම්මත ගිණුමකින් ජනතාවට වාර්තාගත සහන සපයන බවට ප‍්‍රකාශ කිරීම බලවත් ප‍්‍රලාපයකි.

ආණ්ඩුව බලයට පත් වූයේ අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂම සංවර්ධන ක‍්‍රියා පටිපාටියක් ගැන අපේක්ෂා ඇති කරමින්ය. නමුත් ගත කරන ලද වසර තුනකට වැඩි කාලය තුළ ආණ්ඩුවේ ජයග‍්‍රහණ රටට ලැබුණේ නැත. 2017 අවුරුද්ද වසර 16 කට පසු අඩුම සංවර්ධන වේගය වාර්තා කළේය. නිෂ්පාදන, අලෙවි හා සේවා අංශවල පිබිදීමෙන් ආර්ථිකය වර්ධනය වෙයි. රටට අවශ්‍ය තරමට නිෂ්පාදනය වැඩි දියුණු වූයේ නැත. කාලගුණ විපත් සහ ජාත්‍යන්තර සාධක බලපාන ලද බව දැක්විය හැකිය. තත්ත්වය සමාලෝචනය කර වහා පියවර ගැනීමට ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වූ පුළුල් බලවේගයකට හැකියාව තිබුණි. නමුත් එයට පියවර ගත්තේ නැත. ප‍්‍රතිඵලය වූයේ 2018 දැන් ගෙවී යන අවුරුද්ද ද අවම සංවර්ධන වේගයක් වාර්තා කිරීමයි. දැනට නිකුත් වී ඇති මුල් කාර්තු තුනක ආර්ථික දත්ත විග‍්‍රහ කරන අවස්ථාවේදී සංවර්ධන වේගය සියයට තුනකට අඩු ප‍්‍රතිශතයකට යා හැකි බව අනුමාන කළ හැකිය. වර්ධන වේගයක් රහිතව අලූතින් ආදායම් වැඩෙන්නේ නැත. රැුකී රක්ෂා බහුල නොවේ. රජයේ බදු ආදායම ඉහළ නගින්නට ඉඩක් නැති අතර ආදායම හා වියදම පාලනය කරගත නොහැකි තත්ත්වයකදී ජනතාවගේ ජීවන මටට්ම වඩා වේගයකින් හොඳ පැත්තට හැරෙන්නට අවකාශයක් නැත. එවැනි පසුබිමක ජනතාවට ඉතිහාස ගත වන සහන දෙන ආකාරයක් ගැන කතාකරන්නේ ඇයි?

පොදු ජනතාවට සහන අනවශ්‍ය බවක් අවධාරණය නොකෙරේ. මෙරට ජන සමාජයේ සෑම කොටසක්ම විවිධ දුෂ්කරතා සහිතය. නොයෙක් ගැටලූ තිබේ. ජනතාවට පහසුවෙන් සිය අභියෝග ජය ගැනීමට හැකි පසුබිමක් සකස් කිරීමට ආණ්ඩු උත්සාහ කළ යුතුය. සමස්ත ව්‍යුහය සමාලෝචනය කර නිවැරදි  පියවර ගැනීම අවශ්‍යය. එය ප‍්‍රමාද කිරීම මගින් සමස්තය කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති වෙයි. නිසි ප‍්‍රතිපත්ති හා නිසි සැලසුම් රහිත තත්ත්ව අවදානම්ය.

ජනතාවට සහන දෙන්නට යෝජනා කරන ආණ්ඩුව මෙම මොහොත වන විට සෑහෙන පැත්තකින් පීඩනයකය. වතු කම්කරු ජනතාව දිනක වේතනය රුපියල් දහසක් දක්වා නංවන සේ බල කරමින් සිටී. දුම්රිය වෘත්තීය සමිති සිය දීමනා ඉල්ලමින් වර්ජන සුදානමක සිටී. අඩු කරන ලද ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු පහත හෙළනු ඇතැයි පොදු ජනතාව බලා සිටී. අකාර්යක්ෂම ප‍්‍රතිපත්ති හෙයින් ඉන්ධන මිල සංශෝධනය කරන වාරයක් පාසා ප‍්‍රවාහන වියදම ඉහළ ගියේය. බත් පාර්සලය, තේ කෝප්පය දක්වා එය බලපාන ලද බව සිහිපත් කළ යුතුය. නැවත වතාවක් ඉන්ධන මිල අඩු වී ඇත. රු. 123 ක පැවැති ඞීසල් ලීටරයක මිල අද රු.101 කි. රු.155 තෙක් ඉහළ ගිය පෙට‍්‍රල් ලීටරයක් අද රු. 125 කි. ඉන්ධන මිල අඩුවීම කර්මාන්ත, සේවා හෝ ව්‍යාපාරික අංශ වලට පහසුවක් නොවේද? මිල වැඩි වූ අවස්ථාවේ දී නංවන ලද භාණ්ඩ හා සේවා මිල ගණන් නොවෙනස්ය. එය ආර්ථිකයක අකාර්යක්ෂමතාව පෙන්වන ප‍්‍රබල අවස්ථාවකි. රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල මාස දෙකක් තුළ අඩුවන පසුබිමක බස් ගාස්තුව අඩු කරන්නේ රුපියලකින්ය. අනෙක් කිසිවක් ගැන අවධානයක් නැත. මිල අඩුවන විට නිෂ්පාදන, ප‍්‍රවාහන හා අලෙවි පිරිවැය සෑහෙන ප‍්‍රමාණයකින් පහත වැටේ. එය ව්‍යවසාය හා ව්‍යාපාර අංශවලට පහසුවකි. පාරිභෝගිකයන්ට එය නොලැබෙන්නේ මන්ද? අකාර්යක්ෂම ආර්ථික රාමුවක් සකස්කර එය තුළ ජනතාව කොටු කරන ආණ්ඩුව නිසි කාර්යක්ෂමතාව ඇති කරන උපාය ගැන අවධානය යොමු කළ යුතුය. ඉන්ධන මිල සූත‍්‍රය හදා ඉන්ධන මිල අඩු වැඩි කරන ලද නමුත් හැම අවස්ථාවකම අපහසුවට පත් වූයේ දුගී දුප්පත් ජනතාවය. එකී තත්ත්වය නොසලකන ආණ්ඩුවකින් ජනතාවට සහන කුමකටද?

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව උද්ධමනය ඉහළ ගොස් තිබේ. රුපියලේ අගය සියයට 15.5 කින් අවප‍්‍රමාණය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව දක්වා ඇත. වාණිජ බැංකු පොලී අනුපාත ඉහළ නැග තිබේ. රජයේ ණය ගැනීමේ ක‍්‍රියාවලිය සංකීර්ණ තැනක පවතින අතර දිගින් දිගටම ගන්නා ණය හෙයින් පොලී අනුපාත වර්ධනය වී තිබේ. මේවා පාලනය කිරීම අවශ්‍යය. අලූත් මුදල් නොට්ටුවලින් ණය ගෙවීම සීමා කළ හොත් මුදල් සැපයුම පහත වැටේ. එයින් උද්ධමනය අඩු කරන්නට පුළුවන්කම තිබේ. ආනයන හා අපනයන අතර පාලනයක් පවත්වා ගැනීමෙන් විනිමය අගය නිශ්චිත තැනක පවත්වා ගැනීමට හැකිය. රජයේ ණය ගැනීම සීමා කළහොත් පොලී අනුපාත අඩුවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දේශීය ව්‍යවසායකයන්ට වාණිජ බැංකුවලින් ප‍්‍රාග්ධනය සපයා ගැනීමට අවස්ථාවක් ද නිර්මාණය වෙයි. මේවා ගැන අවධානයක් යොමු කර පරෙස්සමෙන් ආර්ථිකය හැසිරවිය යුතු ආණ්ඩුව ජනතාවට සහන සැපයීම ගැන යෝජනා කිරීම මිථ්‍යාවකි. 

ජනතාවට සහන සැපයීමට ධනය ලැබෙන්නේ කොතැනින්ද? අද වන විට මෙරට ආදායම හා වියදම අතර පරතරය දරුණුය. සමහර විට අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතය වශයෙන් සියයට පහ ඉක්මවා පවතින බව සැක කළ හැකිය. තවත් සහන ප‍්‍රකාශයට පත් කළහොත් මෙම පරතරය තවත් වැඩිවෙයි. එය පියවන්නට ආදායමක් නැත. රජය ධනය උපයන්නේ බදු වලින් පමණකි. රජයට අයත් ව්‍යාපාර හාරසියයක පමණ සමස්ත අලාභය මෙරට සංවර්ධන වේගයෙන් දහයෙන් එකක් පමණ බව දැක්වෙයි. ඒවා ලාභ සහිතව පවත්වාගෙන යා හැකි නම් රටට අනෙක් අවශ්‍යතාවයක් නැත. අය වැය පරතරය වැඩිවන විට තවත් බදු පනවන ආණ්ඩු ජනතාවගේ ඉපැයීම් අවහිර කරයි. අලූත් ආණ්ඩුවක් නමුත් රජයේම එක පාර්ශ්වයක් වන එක්සත් ජාතික පක්ෂය බදු ගැන සඳහන් කළේ සෘජු බදු වැඩි කර වක‍්‍ර බදු සීමා කරන බව දක්වමින්ය. අද එවැනි වෙනසක් නැත. සුපුරුදු පරිදි වක‍්‍ර බදු ප‍්‍රතිශත ඉහළ මටට්මක පවතී. ජනතාවට නොදැනෙන සේ වක‍්‍ර බදු අය කරන ආණ්ඩුව එයින් කොටසක් සහන සේ දෙන්නට සූදානම් වන බව පෙනේ. එය කෙසේවත් යුක්ති සහගත නැත.

අලූතින් බලයට පැමිණි පාලකයන් වශයෙන් වත්මන් ආණ්ඩුව කළ යුතු අත්‍යවශ්‍ය ප‍්‍රතිංසස්කරණ කෙරෙහි පුළුල් අවධානයක් යොමු කිරීමයි. අකාර්යක්ෂමතාව, ඵලදායීරහිත තත්ත්ව රටට බලවත් ගැටලූ ඇති කර තිබේ. ජනතාව සහන ඉල්ලන්නේ නැත. රට කාර්යක්ෂම කරන්නට එය ප‍්‍රමාණවත්ය. ලෝක බැංකුව පෙන්වා දෙන අන්දමට රටේ පොදු ප‍්‍රවාහනය දුබලවීම හෙයින් සියයට දෙකක පමණ වර්ධන හානියක් සිදුවෙයි. එය පිළිගත යුතුය. දිනපතා වැඩට එන්නට හා යන්නට බස් රථයක හෝ දුම්රියේ පැය දෙක තුනක් ඉතා අපහසුවෙන් ගමන් කරන ශ‍්‍රමිකයන්ට වැඩ කරන මානසිකත්වයක් තිබේද?  වැයවන කාලය කොපමණ නාස්තියක්ද? රාජ්‍ය අංශය කුඩා හා කාර්යක්ෂම කිරීම වැදගත්ය. අද ලෝකයේ ජන අනුපාතය අනුව වැඩිම රජයේ සේවකයන් පිරිසක් සිටින රටවල් අතර ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන තැනකය. කාර්යාලයකින් තමන්ගේ රාජකාරිය කරගන්නට එන ජනතාව තෘප්තිමත්ද? හැªනුම්පතක් අලූතින් ගන්නට, අවහිර ගහක් කපා ඉවත් කරගන්නට ග‍්‍රාම නිලධාරීගේ සිට ප‍්‍රාදේශීය ලේකම් හරහා අවශ්‍ය ආයතනය සම්බන්ධ කරගන්නට වැය කළ යුතු පැය ගණන ආණ්ඩුව ගණන් බලා තිබේද? අමාත්‍යාංශ විශාල ප‍්‍රමාණයක් ඇතත් ජනතාවට මේවායෙන් ලැබෙන සේවාව ගැන තෘප්තිමත්ද? අමාත්‍යාංශවල තත්ත්වය ගැන අලූත් ඇමැතිවරු අලූතින් හිතන්නට අවශ්‍යය. පවත්වාගෙන යන්නට අවශ්‍ය සම්පූර්ණ වියදම ජනතාවගේ බදු වලින්ය. ඒවා ලස්සන කරන, අලූත් වාහන, සංග‍්‍රහ වියදම් යනාදියට වන්දි ගෙවන්නේ පොදු ජනතාවයි. මේවා එකතු වන විට රජයේ සේවයෙන් විශාල ප‍්‍රයෝජනයක් තිබේ දැයි ප‍්‍රශ්න කිරීම සුදුසුය. රජයේ ආයතන අකාර්යක්ෂම හා කළමනාකරණය රහිත ව්‍යුහයකි. එය ආර්ථිකයේ සෑහෙන විනාශයක් කරන බව තේරුම් නොගන්නේ මන්ද? අලූතින් සමාලෝචනය කර යහපත් පාලනයක් ඇති කිරීමෙන් ආර්ථිකය කාර්යක්ෂම කළ හැකිය. එය සමාජයට වාර්තාගත සහන දෙන බව කියන දේශපාලන පොරොන්දුවකට වඩා අර්ථවත් දෙයකි.

2019 වසර උදාවෙමින් තිබේ. පවතින පසුබෑම හමාර කර අලූත් යුගයකට ඇතුළු විය යුතුය. ඉදිරි වසර දෙක දේශපාලන වශයෙන් වැදගත්ය. මැතිවරණ ගණනාවක් අභිමුවෙහි තිබේ. රටට නැති ධනය කොතැනකින් හෝ ණයට ගෙන ජනතාවට සහන දෙන රාමුවකින් තාවකාලික අස්වැසිල්ලක් ලැබීම වෙනුවට රට ඉදිරියට ගෙන යන අලූත් දර්ශනයක් ගැන පාලකයෝ අවධානය යොමු කළ යුතුය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.