lakbima.lk

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයට කිසිසේත්ම සහාය නොදෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ඊට සහාය නොදීමට සාකච්ඡා කරන බව හේවාහැට, කිවුල්ළිඳ  පිහිටි ඒ මහතාගේ නිවසේ අද (21) පැවති  මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම විශ්වාසභංගය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් ඒ සඳහා  අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනතා විමුක්ති පෙරමුණු නායකයාට හොදැ හැටි සැලකුම් ලබාදී ඇතැයි කී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ඉදිරියට පැමිණ සිටිනවා. කවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා යන තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ත්‍රස්තවාදය හුරතල් කරන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් වී හමාරයි.

රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයක් සඳහා සහයෝගය දෙන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කතෝලික සම්භවයක් සහිත මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග සඳහා සහයෝගය ලබා දෙන බව සඳහන් කර තිබෙනවා. 

ත්‍රස්තවාදය පෝෂණය කරන, ත්‍රස්තවාදීන්ගේ මුදල්වලින් ධනවත් වුණු රිෂාඩ් බදුර්ඩීන් අමාත්‍යවරයා එක්කෝ ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ඔහුට එරෙහිව අපි කටයුතු කරනවා.

බෙදී වෙන්වී යාමට සූදානම් වන එක්සත් ජාතික පක්ෂය එක ගොනුවකට ගැනීමට රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම වැනි අයට අවශ්‍ය වී තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර ගැනීමට සුදුසු වන ද අලූත් උපායක් වශයෙන් විශ්වාසභංගයන් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගැනීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සහ කුඩා පක්ෂ යළි සමගි වන අතර අනෙක් අයට නිහඩ වී සිටීමට සිදුවෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

  1. DIG නාලක සිල්වාට ඇප
  2. හබරාදූවේ මිනිවලිනුත් ගසා කන හැටි විපක්ෂය හෙළිකරයි
  3. අනවසර‍යන් රැදී සිටි පාකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට ‍‍
  4. රනිල්ගේ මන්ත්‍රී ධූරය අහිමි කරන්නැයි ඉල්ලු පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
  5. හැටන් හා නුවරඑළිය කලාප වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙයි
  6. ආණ්ඩුවට එ‍රෙහි විශ්වාසභංගය කථානායකට බාර දෙයි
  7. සිම්පත් 1475ක් කොච්චිකඩේ කැලෑවක තිබි සොයා ගැනේ
  8. ඩ්‍රෝන යානාවලට ගුවනේදී වෙඩි තබන්න
  9. විශ්වාසභංගය ගැන ශී‍්‍රලනිපය තීන්දුවක් ගනී
  10. රිෂාඩ්ගේ විශ්වාසභංගය කථානායක පිළිගතහොත් විවාදයට ළඟම දිනයක්
  11. තානාපති කාර්යාලය ඇතුළු වෙබ් අඩවි යළි යථා තත්ත්වයට
  12. මරාගෙන මැරෙණ ප්‍රහාරයට සම්බන්ධ 89ක් අත්අඩංගුවේ - 69ක් CIDයේ 20ක් TID යේ
  13. වැසි තත්ත්වයේ වැඩි වීමක්
  14. ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නැහැ - මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශයට
  15. විපක්ෂ නායක සහ මන්ත්‍රීවරු ඉස්කෝලේ යන්න තීරණය කරයි
  16. ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
  17. තවුහීද් ජමාත්ට සම්බන්ධ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක රඳවා ප්‍රශ්න කෙරේ
  18. බිය නොවන්න දරුවන් පාසල් එවන්න - යුද හමුදාපති
  19. අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්
  20. දුම්රියේ හිටපු සේවකයා දුම්රියටම දිවි දෙයි
  21. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්
  22. යාපනයේ රිය අනතුරකින් අයෙක් මරුට : දෙදෙනෙකුට තුවාල
  23. ආරක්ෂක අංශවලට අලුත් වගකීමක් පැවරෙයි
  24. ආනයනික ලොකු ළූණු බදු ඉහළට
  25. ලංකාවේ වෙබ් අඩවි කීපයක් හැක්කෙරේ.

Page 5 of 1970

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.