lakbima.lk

 
එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිළේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේය.  
 

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන් ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, “අපේ රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණෙ 60%කට විතරයි. අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය දෙන්න අපට පුළුවන්කම ලැබුණා. ජංගම විද්‍යාගාර 3,000ක් අපි පාසල්වලට ලබාදුන්නා. පාසල්වලට වැසිකිළි ඒකක  40,000ක් අලුතින් ලබාදුන්නා. මේ ආදී වශයෙන් විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපි ලබාදුන්නා”... යැයි ද සඳහන් කළේ ය.

බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාර වේල නොගෙන බවත්, විශේෂයෙන් ම දරුවන්ගේ පෝෂණයට මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් ව පවතින බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දුෂ්කර පාසල්වල පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට නොමිලේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ද, ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබාදීමේ මෙම ජාතික වැඩපිළිවෙළ ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස අගය කරන බව ද  මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

  1. ගලේවෙල අමානුෂික පුද්ගල ඝාතනයක්
  2. ඉරානයටත් සිලෝන් තේ
  3. මධ්‍යම පළාතේ වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක් වෙයි
  4. ‘සුරක්ෂා’ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රු.මි.664ක ප්‍රතිලාභ ලබාදෙයි
  5. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 4ක් නාවික හමුදා බාරයට
  6. බ්‍රිතාන්‍යයෙන් කුණු කන්ටේනර් ගැන විමර්ශනයක්
  7. වතු කම්කරුවන් උද්ඝෝෂනයේ
  8. හැටන් නගරයේ විදුලිය ඇන හිටිම් නිසා පාරිභෝගිකයන් අසීරුතාවට
  9. අබලි ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් රේගුවෙන් වාර්තාවක්
  10. කැස්බෑවෙකු ලඟ තබා ගෙන වැඩ වරදි
  11. කිරෙන් සපිරි දැයක් ඇරඹේ
  12. නීති විරෝධි මසුන් ඇල්ලූ විසිදෙදෙනෙකු නාවික හමුදා බාරයට
  13. ශ්‍රී ලංකා දුම්රිය ඇණියට එක්වන නව සාමාජිකයන්
  14. බීඩිකොළ කිලෝ 1005ක් මන්නාරමින් සොයා ගැනේ
  15. ළමා නිවාස දරුවන් ආසන්නම ජාතික පාසලට
  16. නාවලපිටියේ විදුහල්පතිවරයෙක් කලු පටි පැලද විරෝධතාවයක
  17. ඇසළ පෙරහැරට ගුවන් හමුදාවේ උපරිම දායකත්වය
  18. තැපල් සේවකයන් වර්ජනයේ
  19. යුවලකට වන අලි පහරදීමකින් බරපතල තුවාල අයෙකු මරුට
  20. අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
  21. ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් නායයයි - අයෙක් අතුරුදහන්
  22. ඉහල කොත්මලේ වාන් දොරටු පහක් විවෘත කරයි
  23. හැටන් ඔයත් පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
  24. කැළණි ගගේ ජල මට්ටම ඉහලට
  25. කඳුකරයට මහ වැසි - ලක්ෂපාන ජලාශයේ වාන් 2ක් විවෘතයි

Page 4 of 2476

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.