lakbima.lk

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා (24) සවස පරාජයට පත්වීම නිසා වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව ලබන සතියේදී පත් කරනු ඇතැයි වාර්තා වේ.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද නව පළාත් සභා පනත අනුව සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවේදී සභාවේ සිටි සියලු දෙනා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉකුත් සිකුරාදා පරාජයට පත්විය.
පනත් කෙටුම්පතේ වගන්තියක් අනුව සීමා නිර්ණ වාර්තාව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුය. වාර්තාව පරාජයට පත්වූ පසු ඒ ගැන මාස දෙකක් තුළ අධ්‍යයනය කොට වාර්තා කිරීමට කථානායකවරයා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ යුතුය.
සීමා නිර්ණ වාර්තාව සිකුරාදා දවස පුරා විවාදයට ගත් අතර සවස ඡන්දය විමසන ලදී. ඒ අනුව පනතට
පක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණු අතර විරුද්ධව ඡන්ද 139ක් ලැබිමෙන් වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. පනතට පක්ෂව කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ අතර පනතට විරුද්ධව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
කෙසේ වෙතත් නව ඡන්ද ක්‍රමය අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සීමා නිර්ණ වාර්තාව පරාජය වීම නිසා නොහැකි වනු ඇති බවද මේ අනුව පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට එනම් මනාප ක්‍රමයට පැවැත්වීමට නියමිතය. මේ බව ඉකුත් 19දා ලක්බිම ඉරිදා සංග්‍රහයෙන් ද හෙළි කෙරිණි.

ලසන්ත වීරකුලසූරිය

  1. ත්‍රිරෝදයට වයස් සීමාවක් දානවාමයි
  2. ශ්‍රීලනිපයේ තවත් සංවිධායකවරු පිරිසක් ඉවත්ට
  3. ගෑස් රුපියල් 158කින් ඉහළ නගී
  4. පැවැති රජයට වඩා වත්මන් රජය සියයට 100ක් බදු ගහනවා
  5. ඕස්ටේ‍්‍රලියානු අගමැති ධූරයට ස්කොට් මොරිසන්
  6. තරගෙට වැඩ පෙන්වන්න
  7. සඳුදා සිට යළිත් දුම්රිය වර්ජනයක්
  8. එජාපෙ-ඒකාබද්ධය සීමා නීර්ණයට විරුද්ධයි
  9. උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක ස්ථාන 11ක් මේ වනවිට විනාශ කරලා
  10. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා
  11. පාතාලයේ ඝාතනයකට හවුල් කළු මල්ලි අත් අඩංගුවට
  12. කොළඹ ජල මාර්ගවලින් ප්‍රවාහන පහසුකම්
  13. දුම්රිය දෙකක් තනි පීල්‍ලේ එයි
  14. ලබන 5දා පෞද්ගලික අංශයට නිවාඩු දෙන්න - උදය ගම්මන්පිල
  15. යොවුන් මන්ත්‍රී සිසුවිය පැහැරගෙන දූෂණය කරලා
  16. ඇමැති නාවින්නගේ විෂයක් ජනපති පවරා ගනී
  17. ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි
  18. ‍පොලීසිය එස්.ටී.එෆ්. අත්අඩංගුවේ
  19. දුම්වැටි නැති නගර 107ක්
  20. විශේෂ අධිකරණය විවෘත වෙයි
  21. අන්තරේ උද්ඝෝෂණයට කඳුළු ගෑස් ජල ප්‍රහාරයක්
  22. ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට මෝටාර් ප්‍රහාරයක්
  23. ත්‍රීවීලර් රියැදුරු නීතිය අලුත් රියැදුරන්ට පමණයි
  24. ලක්බිම චමිල්ගේ මව අභාවප්‍රාප්ත වෙයි
  25. සීමා නිර්ණ ඡන්දය මගහරින සූදානමක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.