lakbima.lk

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබේ.

වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ය. එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යව 17,484කි. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 3,337ක් ලබා දී ඇත.

නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 1339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා “මාධ්‍ය අරුණ” ණය ලබා දී තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ ජූනි මස 21 වැනි දා ය. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර එම වසර අවසානය වන විට ලබා දී තිබූ ණය සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රුපියල් මිලියන 5250ක මුදලක් වැය කර තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මගින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන “සිහින මාලිගා” ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවල වෙනුවෙන් ක්‍රියාත්මක “හෝම් ස්වීට්” හෝම් ණය යෝජනා ක්‍රමය සහ උසස් පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය පාඨමාලා හැදෑරීම සඳහා වන “මගේ අනාගතය” ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6100කි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණෙන් ක්‍රියාත්මක “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට” ජංගම සේවය පසුගිය දා වැලිගමින් ආරම්භ කෙරිණි. 7000කට අධික නව ව්‍යවාසායකත්ව අපේක්ෂා සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක වැඩසටහනේ දී පමණක් ණය ගැනීම සඳහා එහි ස්ථාපිත රාජ්‍ය බැංකු ශාඛාවෙතින් පුද්ගලයන් 1327 ලියාපදිංචිය ලබා ගෙන ඇත. ජංගම සේවය දිවයන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.   

  1. නාවික මෙහෙයුමකින් බීඩී කොළ කිලෝ 1057 ක් සොයා ගැනේ
  2. රජයේ කොන්ත්‍රාත් අන්ත දූෂිතයි
  3. නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14ක් අත්අඩංගුවට
  4. රුපියල බාල්දු වී විදෙස් ණය බිලියන 800කින් ඉහළ යයි
  5. දකුණේ පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් වවුචර් තවමත් නෑ
  6. ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට
  7. පොහොට්ටුවෙන් මැතිවරණයට වැඩිපුර උගතුන්
  8. හැම මාසෙකම අලුතින් විශ්‍රාමිකයන් 2200ක්
  9. කොකේන් කිලෝ 729ක් හෙට විනාශයි
  10. යතුරුපැදිය කනුවේ ගැටී නගරසභා අපේක්ෂක මරුට
  11. අවුරුදු උත්සව අවදානම්
  12. මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම්
  13. කෝටි 8000ක කොමිස් ගැහිල්ලෙන් රටම අඳුරේ
  14. ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්තවේ
  15. කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි
  16. මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝ 1456ක් සොයා ගනී
  17. ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
  18. පළමු වතාවට උතුරු පළාත් බොදු සමුළුව ඇරඹෙයි
  19. විදුලි අර්බුධය වැඩි වුණේ එන එන ඇමති සාක්කුවේ දාගන්න ලේකම් නිසයි - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි
  20. ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරලා - ඇමතිගෙන් පැසසුම්
  21. කංජිපානි සමග ලංකාවට එවු පිරිස මෙන්න (PHOTOS)
  22. සා/පෙ ඉහළින් ජයගත් විශිෂ්ඨයෝ සහ දිස්ත්‍රික්ක
  23. පොලිස් නිලධාරින්ට නව නිල ඇඳුමක් - ජනපති
  24. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතනින් බලන්න
  25. අරක්කු සිගරට් බොන්න දිනකට කෝටි 97ක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.