lakbima.lk

 

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අදත්(29) උද්ඝෝෂනයක නිරත වුණා.

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වාත් තේ මිල අනුව දිනකට රු 50 ක දිමනාවක් සහ අමතර නෙළන තේ දළු කිලෝවක් සදහා රු 40 ක මුදලක් සදහා වසර දෙකකට බල පැවැත්වෙන සේ වතු හාම්පුතුන්ගේ  සංගමය හා ලංකා කම්කරු කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඊයේ (28) උදැසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවයම අත්සන් කරනු ලැබුවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවන් අද දින සේවයට වාර්තා කිරිම ප්‍රථම එම වතුයායේ සිට කළු කොඩි අතතිව පෙලපාලියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ සිය විරෝධය දක්වා අවබෝධතා ගිවිසුමට අත්සන් කල වතුකරයේ දේශාපඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර  සිදු කල අනුරුවන් පුළුස්සා දමා සිය විරෝධය දක්වනු ලැබුවා.

විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලඥයින් රු 1000ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කල බවයි.

ඉදිරියේදි පැවැත්වෙ මැතිවරණවලදි ජන්දය ඉල්ලා තමන් වෙත නොපැමිණෙන ලෙසටද උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දේශපාලඥයින්ට කියා සිටි.

රංජිත් රාජපක්ෂ - හැටන්

 

  1. මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවෙකුට ඇප
  2. අල ගොවීන්ට සහනයක්
  3. අංශ තුනක් ගැන නිර්දේශ සහිත ශ්‍රී ලන්කන් වාර්තාව ජනපතිට
  4. තවත් යුද්ධයකට නායකත්වය දීමට ජනපති සූදානම්
  5. නායකයෝ නිර්භීතව දේශපාලන තීන්දු නොගෙන බෝලේ පාස් කරනවා
  6. ඝණ ආහාර සදහා ද වර්ණ සංකේත ක්‍රමයක්
  7. මඩකලපුව ආනන්දපුරම් ජනතා අයිතියට
  8. රුපියල ඉහලට
  9. මත්පැන් මිලෙහි වෙනසක්
  10. කාලගුණ අනාවැකිය
  11. මන්ත්‍රී බිරිය රිය අනතුරකින් මරුට
  12. ගැබිනි ගුරුවරියන්ගේ ඇඳුමට බාධා එපා! එවැනි විදුහල්පතිවරුන් සිටී නම් 1988 ට අමතන්න
  13. ඉරණමඩු ජලාශය උතුරට සම්පතක් කරන්න අණ්ඩුකාරවරයා‍ කමිටු 5ක් හදයි
  14. මැතිවරණ සභාපති ඉල්ලා අස්වන බවට අනතුරු අඟවයි
  15. මාර්තු සිට අනුරාධපුරයට හා දකුණටත් සුඛෝපභෝගී දුම්රිය සේවාවක්
  16. වතු කම්කරුවෝ ප්‍රධාන පාරවල් දෙකක් වසති
  17. රවීන්ද්‍ර යසස් රිය අනතුරක
  18. යාපනයේ දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි
  19. අභියාචනාධිකරණයේ සභාපති ගැටලුව ගැන කරු-මෛත්‍රී සාකච්ඡාවක්
  20. බෞද්ධ ආගමික ස්ථානවලට වින කරන්නන් අත්අඩංගුවට ගන්න
  21. ‍පොහොට්ටුවේ අයත් චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට
  22. මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන
  23. ඇමැති 20ක ෆයිල් ජනපති කොමිසමට
  24. වතු කම්කරුවන් සටන ජය ගනී
  25. ගණපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව ලබන මසට කල් යයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.