lakbima.lk

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා නියෝග කර ඇතැයි නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නීතිය හා සාමය අමාත්‍යාංශයට ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා ඒ අනුව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයා වෙත නියෝග කර ඇතැයිද කීවේය.
‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සති දෙකක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් එවැනි ඉල්ලීමක් කළ බවට අමාත්‍යාංශයට හෝ ‍පොලිස් කොමිසමට වාර්තා වී නොමැති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී නැගී සිටි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා දුරකථනයෙන් මේ පණිවුඩය ‍පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවට මාධ්‍ය වාර්තා කරන බවයි.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ටෙලිෆෝන් ටැප්කරන්නේ නැති නිසා ඒ ගැන කිව නොහැකි බවයි.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

  1. ආසියාවේ ශක්තිමත්ම මුදල රුපියලයි
  2. රුපියල තවත් පහළට
  3. වල් ඌරු මස් තහනම ඉවතට
  4. අර්තාපල් අස්වැන්න වැඩි කිරීමට ඉන්දියාවේ තාක්ෂණික සහය
  5. ධර්ම විරෝධී මිථ්‍යා මතවලට රාජ්‍ය ආයතනවල ඉඩ දෙනු එපා
  6. ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට
  7. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද
  8. වැඩි කළොත් බලාගෙනයි - මුදල් අමාත්‍යංශය
  9. සීනි වැඩි කරනවා - ආනයනකරුවන්ගේ සංගමය
  10. ජනපති - ගෝඨා ඝාතන චෝදනාව හෙළි කළ ඔත්තුකරුට ‍පොලිසිය මුදල් ගෙවා නෑ
  11. ඩොලරය ඉහළ දැමීම ට්‍රම්ප්ගේ වැඩක්
  12. ඝාතන කුමන්ත්‍රණය සහ ස්නයිපරය අතුරුදන්වීම භයානකයි
  13. නවාස් ෂරීෆ් නිදහස් !
  14. රිෂාඩ් පිටි අඩු කරයි බේකරි හිමියන් පාන් මිල අඩු කරයි
  15. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු
  16. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු ඉහළට
  17. දකුණු අප‍්‍රිකාවේ මර්ජුවානා නීත්‍යානුකූල වෙයි
  18. දෙස් විදෙස් ආයෝජන නොමැතිව කොටස් වෙළෙඳ‍පොළ වේගයෙන් පහළට
  19. ගෑස් මිල ඉහළට
  20. බොහෝ රටවල මුදල බාල්දුවෙලා
  21. රුපියල තවත් පහළට
  22. ඩී.අයි.ජී. අත්අඩංගුවට ගන්න
  23. ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගැසීමේ උත්සාහයක්
  24. විජයකලාට නඩු
  25. අය-වැය දිනය සංශෝධනය වේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.