ගාල්ල රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රසීන් චින්තක හා මංජුල අසේල යන ව්‍යාපාරිකයින් දෙදෙනා පසුගිය ජනවාරි 23දා පැහැරගෙන තිබුණි. වෑන් රථයකින් හා මෝටර් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසුනු පිරිසක් ඔවුන්ව පැහැරගත් බව ඥාතීන් පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අතර ඊයේ (17) දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත මාරු කෙරිණි.
- Hits: 327