lakbima.lk

වටවලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 10කට තුවාල

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වු වැන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

රෝහල්ගත කල අයගෙන් සිව්දෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රොහල වෙත මාරු කර යවා ඇත.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වි යලිත් හැටන් දක්වා  වැන් රථය ධාවනය කරවන අවස්තාවේ අද (18) උදැසන 5.45 පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවසුවේ.

මර්ගයෙන් ඉවතට පැන ඇති වැන් රථයඅඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඉදි කරමින් පවතින නිවසක් අසල නතර වි ඇත.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් හත් දෙනෙක් සිටින බවයි පොලිසිය පැවසුවේ.

ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හෝ වැන් රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.

වැන් රථය අනතුරට පත් වන අවස්තාවේ වැන් රථය තුල නව දෙනෙකු ගමන් කර ඇති බවත්, වැන් රථයේ ගමන්ගත් සියළු දෙනාම හැටන් ප්‍රදේශයේ පදංචිකරුවන් බවයි වටවල පොලිසිය  පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.