lakbima.lk

මහියංගණයේ මාරක රිය අනතුරකින් 10ක් මරුට (Photos)

මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිට අද (17) අලුයම 1.15 ට පමණ බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 

ත්‍රිකුණාමලයේ සිට දිය තලාව බලා ධාවනය වූ පුද්ගලික බස්රථයක බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටි අනතුර සිදුව තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු 12 දෙනෙකු බරපතළ තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව පිරිමි පුද්ගලයන් 04ක් කාන්තාවන් 03 දෙනෙකු සහ කුඩා දරුවන් 03 දෙනෙකු මියගොස් ඇතිබව පොලිසිය සඳහන් කරයි.

කාන්තාව දෙදෙනෙකු මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු මහියංගනය පොලිසිය විසින් අත්තඩන්ගුවට ගෙන තිබේ.

මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 

ඡායාරූප - Accident1st Facebook පිටුවෙනි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.