lakbima.lk

සංචාරකයන් පැමිණීම 50% පමණ පහළට

පාස්කු ඉරිදා ඇතිවූ ප්‍රහාරය හේතුවෙන් පසුගිය සතිය තුළ කොළඹට විදෙස් සංචාරකයන් පැමිණීම 50% පමණ පහළගොස් ඇති බව ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ක්‍රිශූ ගෝමස් මහතා පැවසීය.

පිට පළාත් වලට විදේශීය සංචාරකයන් පැමිණිම 35% පමණ පහළගොස් තිබේ.

ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බවත්, ලංකාවට පසුගිය වසරේ සංචාරකයන් මිලියන 2.33 පැමිණි බවත් මේ සංචාරකයන් මිලියන 03ක් පැමිණීම ඉලක්ක කරගත් බව සඳහන් කළේය. පවතින තත්ත්වය අනුව එම ඉලක්කය ළඟා කර ගත නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

නමුත් දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට පසුගිය වසරට සාපේක්ෂව මේ වසර අවසන් වනවිට 80%කින් එම ඉලක්කය ළඟා කර ගත හැකි වනු ඇති බව සඳහන් කළේය.

ඉදිරි මාස දෙක ඇතුළත සෑහීමකට පත්විය හැකි තත්ත්වයකට සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනු ඇති බවත් සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට අදාළ පණිවිඩ ලෝකය හමුවට ගෙන යාමට කටයුතු සූදානම් කර ඇති අතර ලෝකයම ආවරණය වන පරිදි ග්ලෝබල් මාකටින් කැම්පේන් එකක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1.5ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

අනුර ලියනගේ - හබරාදුව 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.