lakbima.lk

ඝාතනය කරන ලදැයි සැකකරන කොටි මළ සිරුරක් හමුවෙයි

දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියෙකුගේ මළ සිරුරක් අද (17) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

මෙම කොටි මළ සිරුරු අසල තිබී හිස  හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුලේ මළ සිරුරක්ද හමු වී ඇත. මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්මකරුවන් සැක කරනු ලබයි.

මෙම කොටියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති. කොටි මළ සිරුර දිඹුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතය.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.