lakbima.lk

වධක තනතුරට බදවා ගන්නා සිව්දෙනාට එස්.ටි.එෆ් පුහුණුව

වධක තනතුර සඳහා සුදුසු අවසන් සිව් දෙනා තෝරා ගැනිමට ‍පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් දින වල පැවති සම්මුඛ පරික්ෂණ වලදි වධක තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු තෝරා ගෙන තිබෙන අතර ඉන් 24 දෙනෙකුට පෙරේදා (11) දින ප්‍රායෝගික වැඩමුලුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර තිබුණි.

එහිදි පුද්ගලයින් දස දෙනෙකු තෝරා ගෙන ඔවුන් පුහුණු කිරිම සඳහා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පවරා තිබේ. එහිදි වඩාත් හොඳින් කුසලතා, දක්ෂතා පෙන්වන පුද්ගලයින්  සිව් දෙනෙකු තෝරා දිම බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් ‍පොලිස් විශේෂ කාර්ය බලකායට පවරා තිබේ.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.