lakbima.lk

සිරිපා කරුණා කරන්න මහ සෙනඟක් මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්

අලුත් අවුරුදු හිසතෙල් ගැල්වීමේ චාරිත්‍ර නිමාවත් සමග ශ්‍රීපාද වන්දනාව සඳහා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයෙන් ඊයේ (17) සිට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

ඊයේ (17) පෙරවරුවේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයෙන් මේ වන විට ලක්ෂ 02 කකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය කියයි.

වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන ගාල් කිරීම සඳහා ප්‍රමාණවත් රථ ගාල් නල්ලතන්නිය නගරයේ නොමැතිවීම නිසා නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන  මාර්ගය දෙපස එම වන්දනා බස් හා වෑන් රථ ගාල් කිරීම සිදු කරනු ලබයි. වන්දනාකරුවන් බහුල වීමත් සමග නල්ලතන්නිය-නෝටන්බ්‍රීජ් හා නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ ඊයේ පස්වරුවේ සිටි  දැඩි රථ වාහන තදබදයක් ඇතිවීම නිසා රියදුරන් හා වන්දනාකරුවෝ මෙන්ම පොලිස් නිලධාරීන්ද දැඩි අසීරුතාවකට පත් වූහ.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.