lakbima.lk

දැඩි රැකවල් මත දෙවන වාරයේ පාසල් ඇරඹෙයි

 

පාස්කු ඉරුදින (21) එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග දෙවන පාසල් වාරය 6 වසරේ සිට 13 වසර දක්වා අද (06) ආරම්භ කෙරිණ.

පාසලට පැමිණි සිසු සිසුවියන් යුධ හමුදා නිලධාරින් , පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ වතුකරයේ විදුහල්වල ගුරුවරුන් , ආදි සිසුන් , ජෙෂ්ඨ ගුරුවරුන් විසින් දැඩි පරික්ෂාවකට ලක් කෙරිණ.

දෙවන පාසල් වාරය ආරම්භ කල අද දිනයේ වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව එම විදුහල්වල විදුහල්පතිවරුන් පැවසිය.

ඇතැම් පාසල් වල සිසු සිසුවියන් අද දිනයට විෂයට අදාල පොත්පත් පමණක් රැගෙන පාසල් බැගය රැගෙන ඒමෙන් වැලකි සිටිහ.

පාසල් අවට රථ වාහන ගාල් කිරිම සහ පාසල අවට කිසිදු අයෙකුට රැදි සිටිම ආරක්ෂක අංශ විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණි.

පාසල් ළමුන් පැමි‍ණෙන ප්‍රධාන මාර්ගයේ පොලිසිය සහ යුධ හමුදාව විසින් නිසි රථ වාහන සැලැසුමක් සහ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.

 

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.