lakbima.lk

කෞතුකාගාර සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක්

රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම ප්‍රාදේශීය කෞතුකාගාර  නැරඹීමට පැමිණෙන නරඹන්නන්ගේ ආරක්ෂාව පිණිස ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව කෞතුකාගාරය නැරඹීමට පැමිණීමේදී ගමන්මලු, පාර්සල් ආදිය රැගෙන නොඑන ලෙසත්, හිස් ආවරණ, ජැකට් හා බුර්කා ආදිය පැලඳ නොපැමිණෙන ලෙසත් නරඹන්නන් වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ. එසේම නැවත දැනුම් දෙන තුරු අවසර නොලත් වාහන කෞතුකාගාර පරීශ්‍රය තුළට ඇතුළු කරගනු නොලැබේ.

මතු පරපුර උදෙසා රැකගත යුතු අමිල සංස්කෘතික උරුමයන් සුරකින ජාතික කෞතුකාගාරයේ සහ කෞතුකාගාර නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා මහජන සහයෝගය ලබාදෙන ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.