lakbima.lk

සක්විතිට ඇප


අවුරුදු නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය  අද (10) නියම කළේය.
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මදල් රුපියල් කෝටි 162 කට අධික තැන්පතු ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු තුනක් ඔහුට පවරා තිබුණි.
එම නඩු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම විත්තිකරු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියම කර කළේය
තවත් නඩුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නියම කරන ලදී.


2006 නොවැම්බර් 01 සහ 2008 සැප්තැම්බර් 31 දක්වා කාලය තුළ ඔහු විසින් මෙම වංචාව සිදුකර තිබුණි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.