lakbima.lk

සජිත්-රවි ආරවුල විසඳීමට කබිර්ට භාර දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස හා උපනායක විදුලිබල ඇමැති රවි කරුණානායක අතර පවතින ගැටුම සමථයකට පත්කිරීම සඳහා පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ට බාරදීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

පක්ෂ සභාපති ඇමැති කබිර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ කමිටුව පත්කිරීමට නියමිත අතර මෙම සතියේ මැද වන විට ගැටුම සමථයකට පත්කිරීමට අගමැතිවරයා ඔවුනට පවරා ඇත.

සජිත් ප්‍රේමදාස හා රවි කරුණානායක යන ඇමැතිවරු ඉකුත් සතියේ නම් ගම් ප්‍රකාශ නොකරමින් චෝදනා එල්ල කරගන්නට වූහ.

මේ පිළිබඳ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුද අගමැතිවරයාට පැමිණිලි කළ අතර ඒ අනුව ගැටුම සමථයකට පත්කිරීමට මැදිහත්වීමට අගමැතිවරයා තීරණය කරනු ලැබිය.

ඒ අනුව මෙම කමිටුව පත්කර ඇත.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.