lakbima.lk

ලාංකීය ඉංජිනේරුවන් දෙදෙනෙක් එක්ව හැදු ‘රාවණා වන්‘ චන්ද්‍රිකාව ගුවන්ගත කරයි

ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවන් දෙදෙනෙක් එක්ව නිර්මාණය කරන ලද ‘රාවණා වන්‘ චන්ද්‍රිකාව රැගත් ‘අන්තරේස්‘ රොකට්ටුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (18) අළුයම 02.18 පමණ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයෙන් දියත් කර ඇති බව වාර්තා වෙයි.

තරුණ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න හා දුලානි චාමිකා යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා විසින් ‘රාවණා වන්‘ චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත. එම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1ක් පමණ වෙයි.

ශ්‍රි ලංකාවේ හා ඒ අවට ඡායාරූප ගැනීම ඇතුළු කාර්යයන් මෙම රාවණා වන් චන්ද්‍රිකාව මගින් සිදු කර ගැනීමට සැලසුම් කර ඇත. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.