lakbima.lk

තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව අගමැති සති දෙකකින් ඉල්ලයි

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවේ පළමු වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

අදාළ පාර්ලිමේන්තු කාරක සභාව  පත්කිරීමත් සමඟ අගමැතිවරයා මෙම ඉල්ලීම කර තිබේ. රිෂාඩ් බදියුදීන් මහතාට මෙන් ම එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත දිය යුතු බව එම ඉල්ලීමෙහි සඳහන් කර තිබේ.

රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බැවින් තේරීම් කාරක සභාවේ වාර්තාව කඩිනමින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී ඇත.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.