lakbima.lk

ජනතාවට මග අහුරමින් යන්න එපා - ජනපති ඇමතිවරුන්ට දැනුම්දෙයි

 

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිරවන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රභූ ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ පෙරේදා (21) පස්වරුවේ පැවැති කැබිනට්  සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට මේ බව දැනුම් දී ඇත.

ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී මාර්ග වසා තැබිම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා පිළිබද සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

සියලු ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ පිළිබදව දැනුවත් කරන ලෙසත්, සමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කරන මෙන් ඔවුනට උපදෙස් නිකුත් කරන ලෙසත්  ජනාධිපතිවරයා අදාල අංශ ප්‍රධානියා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

පානුක රාජපක්ෂ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.