lakbima.lk

පොහොට්ටුවෙන් මැතිවරණයට වැඩිපුර උගතුන්

බුද්ධිමතුන් හා උගතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බවට මේ දිනවල සමාජයෙන් එල්ල වන බලපෑම් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා උගතුන් බුද්ධිමතුන් වැඩි පිරිසක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයට පමණක් උපාධිධාරීන් හා රජයේ විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨයන් හයදෙනෙකුගේ නම් මේ වන විටත් යෝජනා වී ඇත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නමද ඊට ඇතුළත් කර ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජයසූරිය උඩුකුඹුර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.