lakbima.lk

හැම මාසෙකම අලුතින් විශ්‍රාමිකයන් 2200ක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මාස් පතා රජයේ විශ්‍රාමිකයන් 2200ක් පමණ අලුතින් එකතු වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී.ඩයස් සඳහන් කරයි.

මාස් පතා මිය යන විශ්‍රාමිකයන් සංඛ්‍යාව 800-900ක් පමණ වන බව පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා මිය යන විශ්‍රාමිකයන්ගෙන් 95%ක් පමණ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී ඇති බැවින් මියගිය විශ්‍රාමිකයාගේ ස්වාමියාට හෝ බිරිඳට හෝ දරුවන්ට අඛණ්ඩව විශ්‍රාම වැටුප් ගෙවන බවද හෙතෙම සඳහන් කළේය. මේ වන විට රටේ විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව 625359ක් බවද ඔවුන්ට මාසිකව ගෙවන මුදල රුපියල් කෝටි 1568ක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේය.

ජයසූරිය උඩුකුඹුර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.