lakbima.lk

සැක කටයුතු යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය, මුරුකණ්ඩි ගණදෙවි කෝවිල අසළ නවතා තිබු සැක කටයුතු යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු ඊයේ (05) සවස අත්අඩංගුවට ගත් බව මාන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදිය ඊයේ උදැසන සිට සවස් වන තෙක් අදාළ යතුරුපැදිය කෝවිල භුමියේ නවතා තිබි ඇති අතර ලද තොරතුරක් මත අදාළ යතුරුපැදිය සොයාගත් බවයි.

අදාළ යතුරපැදිය සොයා පුද්ගලයෙකු සවස යතුරුපැදිය අසළට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව - මාධව කුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.