lakbima.lk

අවුරුදු උත්සව අවදානම්

පරිසරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ඉදිරියේදී එළිමහනේ පැවැත්වෙන අවුරුදු උත්සව, මැයි දින පෙළපාළි ආදියට සහභාගි වීම ඉතා අවදානම් යැයි ජාතික අක්ෂි රෝහ‍ලේ කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ලක්බිම ඉරිදා සංග්‍රහයට පැවැසීය.

එවැනි ක්‍රියාවලදී වැඩිවශයෙන් අව්වට නිරාවරණය වීම නිසා, විජලනය වීමට අමතරව හීට් ස්ටේ‍රා්ක් වැනි දරුණුතම අවස්ථාවන්ට පවා ලක්වීමේ වැඩි අවදානමක් මතුවෙන බවත්, ඉන් පුද්ගලයකු මියයාමට වුවද වැඩි ඉඩකඩක් පවතින බවත්, විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එබැවින් එවැනි ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදීත්, ඒ සඳහා සහභාගි වීමේදීත්, මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද වරුණ ගුණතිලක මහතා අවධාරණය කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.