lakbima.lk

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජි. වි. රවිප්‍රිය අද(29)  දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා සිය දුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව පැමිණී සිටි සියළු නිලධාරින් සමග තේපැන් සංග්‍රයකටද එක්විය. මීට පෙර කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ආර් ඒ නුගේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය ධූරයේ රාජකාරි භාරගත්නා ලදි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය සිය ධූරයේ රාජකාරි භාරගැනිමට ප්‍රථම, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි සිදුකරන ලදි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.