lakbima.lk

නීති විරෝධීව හක් බෙල්ලන් ප්‍රවාහනයක කළ අයෙක් අත්අඩංගුවට

 

නාවික හමුදාව  සහ ‍මන්නාරම පොලිසිය එක්ව අද (23) සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තාරපුරම් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී හක් බෙල්ලන් 2500 ක් සමඟ පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, හක් බෙල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කර ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.