lakbima.lk

අරාබි භාෂාවේ නාම පුවරු ඉවත් කිරීමේ චක‍්‍රලේඛය නිකුත්වේ

 

විවිධ ප‍්‍රදේශවල ඇති අරාබි අක්ෂර සඳහන් නාම පුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක්‍‍්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇතැයි රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ප‍්‍රකාශ කළේය.

ඒ අනුව වහාම අදාළ නාම පුවරු ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

වෙනත් භාෂාවකින් නාම පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ආණ්ඩුව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ මෙරට සියළු නාමපුවරු සිංහල, දෙමළ  සහ ඉංගී‍්‍රය යන භාෂාවලින් පමණක් ප‍්‍රදර්ශනය කළයුතු බවයි. ඒ අනුව මෙම චක‍්‍රලේඛය නිකුත් වී තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.