lakbima.lk

පාස්කු ප්‍රහාරයට ඇමති හලීම්ගේ සොයුරා වගකීව යුතුයි


පාස්කු ඉරිදා ප්‍රහාරය හා තව්හිඩ් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ වගකීම මුස්ලිම් කටයුතු ඇමති හලීම් මහතාගේ සොයුරා විසින් බාරගත යුතු බව බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.
2017 වසරේ සිට සහරාන් ඇතුළු තවුහිඩ් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ සිදුකල කටයුතු පිළිබඳව  සහ ඔවුන්ගේ පල්ලි පිළිබඳව තමන් මුස්ලිම් කටයුතු අමාත්‍යංශය දැනුවත් කළ බවත් එය තහනම් කරන ලෙස ඉල්ලා සිටි බවත්ය. නමුත් මුස්ලිම් කටයුතු ඇමති හලීම්ගේ සොයුරු ෆාහිම් තවුහිඩ් ජමාත් සංවිධානයට අයත් පල්ලි ලියාපදිංචියට ඉඩ ලාබාදුන් බවයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.