lakbima.lk

තනිව සිටි විශ්‍රාමික වෛද්‍යවරයෙක් ඝාතනය කරලා

කොට‍හේන බ්ලුමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක ජීවත් වූ දමිළ ජාතික විශ්‍රාමික වෛද්‍යවරයෙකු අත්පා බැඳ දමා ඝාතනය කර තිබියදී සොයා ගත් බව කොටහේන පොලිසිය පවසයි.

වයස අවුරුදු 67ක් පමණ වූ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා තනිවම මෙම නිවසේ ජීවත් වු අයෙකු බවට අනාවරණය වී ඇත. අද (23) උදෑසන 7.30ට පමණ පොලිසියට ලද තොරතුරක් මත කොටහේන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර නිවසට ඇතුළු වූ සොරෙකු විසින් මෙම ‍ඝාතනය සිදු කරන්නට ඇති බවයි එම නිලධාරීන් සැක පළ කරන්නේ.

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර කොටහේන පොලිසිය විසින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.