lakbima.lk

බුදු පිළිම කැඩීමේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය අවට දැඩි රැකවල්

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 13 දෙනා මැයි මස 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (06) නියෝග කෙරුණා. ඒ, ඔවුන් මාවනැල්ල දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා ගම්පොලදි අත්අඩංගුවට ගත් බුදුපිළිම කැඞීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප‍්‍රශ්ණ කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. සැකකරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන එන අවස්ථාවේ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබිණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.