lakbima.lk

මාලදිවයින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයම ලංකාවේ සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම මෙරට සංචාරයක නිරතවේ. මාලදිවයින් ජනාධිපතිවරයෙක් සමස්ථ කැබිනට් මණ්ඩලය සමගම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටය. ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ‍ලේකම් මයික් ‍පොම්පියෝ  මහතා ද ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිලසංචාරයක නිරතවේ. ඒ සමගම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සියෝ අබේ මහතාගේ විශේෂ නියෝජිතයෙකුද ශ්‍රී ලංකාවේ සංචාරයටක පැමිණේ.

මේ සියළු දෙනා මෙරට සංචාරය කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය. රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව අගමැතිවරයා පසුගියදා මෙරට සියළු තානාපතිවරුන් කැදවා ප්‍රකාශ කරනු ලැබිය.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.