lakbima.lk

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් ලංකාවට පැමිණෙයි

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදි අත්අඩංගුවට ගත් පිරිසෙන් තවත් දෙදෙනෙකු ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අද අළුයම 5.55ට පමණ UL – 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි තිබේ.

එලෙස පිටුවහල් කර ඇත්තේ පියල් පුෂ්ප කුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමති සැකකරුවන් දෙදෙනාය. ඔවුන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්  ප්‍රශ්නකරමින් සිටින බව වාර්තා වෙයි.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (17) ශ්‍රි ලංකාවට පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.