lakbima.lk

නැන්දණිය අභාවප්‍රාප්ත වීමෙන් මාලිංග යළි එයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ නැන්දණිය අභාවප්‍රාප්ත වීම හේතුවෙන් අද(11)  පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයෙන් පසුව මාලිංග යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසයි.

සිය නැන්දණියගේ අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු මාලිංග යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වන බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටී.

සිය බිරිඳගේ මව වන කාන්ති පෙරේරා මාතාවගේ අවසන් කටයුතු මෙම බ්‍රහස්පතින්දා (13) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

බංගලාදේශ තරඟයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ තරඟ වැදීමට නියමිතය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.