lakbima.lk

කේරළ ගංජා කිලෝ 6ක් ලඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට

 

මිහින්තල පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ මිහින්තලය පොලිසිය සමත් වී තිබේ.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මිහින්තලය පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව පොලිසිය අසලදි වෑන් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහි තුල තිබි මෙම කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20, 25, 29 සහ 36 ක් වන මාතලේ සහ ගලේවෙල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ වෑන් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.