lakbima.lk

ඉරාන ආධාරයෙන් නල්ලතන්නියේ සිට උතුරට ජලය ගෙන යන ව්‍යාපෘතියක්

ශ‍්‍රී පාදස්ථානයේ නල්ලතන්නියේ සිට උතුරු පළාතට නල මගින් ජලය ගෙන යන ව්‍යාපෘතියට උපරිම සහාය ඉරාන රජය මගින් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් විශේෂ පුහුණුව ලද ඉරාන රජයේ ආයතන 3ක ස්වේච්ඡා සේවකයින් යොදවා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සොයා බලා සාර්ථකව නිම කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඉරාන තානාපති මොහමඞ් සේරි අමිරානි මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී ඊයේ කොළඹදී ප්‍රකාශ කළේය. 
 
ජනාධිපතිතුමන්ගේ දර්ශනය යටතේ උතුරු පළාත් සංවර්ධනය කරන වැඩසටහන අගය කරමින් ඒ සඳහා ඉරාන රජයේ ආධාර ලබා දෙන බවද ඉරාන තානපතිවරයා සඳහන් කරන ලදී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.