lakbima.lk

අධිවේගී මාර්ගයේ ‍දෛනික ආදායම කෝටි 3 ඉක්මවයි

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගවල දෛනික ආදායම රුපියල් කෝටි 3 ඉක්ම වූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.

එය පසුගිය වසරට සාපේක්ෂව 08%-10% අතර ප්‍රමාණයකින් ඉහළ යාමකි.

පසුගිය 10 වනදා සිට 13 වනදා තෙක් අධිවේගී මාර්ගයේ දෛනිකව වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය වී තිබේ. මේ අතර එක් දිනක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් පිටවූ වැඩිම වාහන සංඛ්‍යාව පසුගිය (15) සඳුදා වාර්තා විය.

එදින වාහන 9500 පිටවී ඇති අතර සාමාන්‍ය දිනකදී ගොඩගම පිවිසුමෙන් පිටවීම සහ ඇතුළු වීම සිදුවන්නේ වාහන 3500ක් බව අධීවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසර වල මෙම කාලයට සාපේක්ෂව මෙම වසරේ මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරු වල අඩුවක් ඇතිබව ද වැඩිදුරටත් පැවසීය.

අධිවේගී මාර්ග තුළ යම් රථයක් ආබාධයට ලක්වුවහොත් එය ඉවත් කර ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බව සඳහන් කළේය. අධිවේගී මාර්ගයන්ට අදාළ සෙසු මාර්ග නීති පිළිබඳව දැනුවත්ව අධිවේගී මාර්ග වල රිය ධාවනය කළයුතු බව අවධාරණය කළේය.

හබරාදුව - අනුර ලියනගේ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.