lakbima.lk

හදිසි නීතිය එරෙහිව පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ප‍්‍රාරයෙන් පසු ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසිවල 19 සහ 58 වගන්ති මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය බව පවසමින් ශේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් 2 ක ගොනු කර තිබේ.

පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (10) කැදවූ අතර එම පෙත්සම් ජූලි මස 5 වනදා සලකා බැලීමට එහිදී දින නියම කළේය. ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හා ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.