lakbima.lk

දාසය හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලාගෙන මරුට

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවියක් පදිංචි නිවෙස තුළ දී අද (23) පෙරවරුවේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මස්කෙළිය ස්ටොක්හෝම් තේ වතු යායේ ස්ටොක්හෝම් කොටසේ පදිංචිව සිටි රාමචන්ද්‍රන් ආනන්ද ජෝති නැමති සිසු‍වියකි.

ගෙල වැල දා ගන්නා බවට ලිපියක් ලියා තබා ඇය පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව මියගිය අය ගේ පියා විසින් මස්කෙළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.