lakbima.lk

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට

 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(31) අළුයම 5.15ට පමණ දිමුත් විසින් පදවන ලද මෝටර් රථය බොරැල්ල කිංසි පාරේදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමත්ව සිට ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.