lakbima.lk

පතලට වැටී අසාධ්‍යව සිටි පුද්ගලයෙක් මරුට

රත්නපුර කරංගොඩ ප‍්‍රදේශයේ පරණ පතලකට වැටී අසාධ්‍ය තත්වයෙන් රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාද අද (23) පස්වරුවේ මියගොස් ඇත.

පතලට වැටුනු පුද්ගලයා බේරා ගැනීමට එම පතලට බැස්ස තරණයෙකු විෂ වායුවක් ආඝ‍්‍රහනය වීමෙන් එදිනම මරණයට පත්වුණු අතර එම පතල් වලට වැටුනු පුද්ගලයා අසාධ්‍ය තත්වයෙන් රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රත්නපුර මුවගම පහල පාර පදිංච් 40 හැවිරිදි ඒ.එම්.නිශාන්ත ධම්මික නම් දෙදරු පියෙකි.

රත්නපුර අධිකරණ වෛද්‍ය නිළධාරීනි ගෝතමී සිරිවර්ධන මහත්මිය විසින් මෙම මරණය දියේ ගිලීම නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කර ඇත.

රත්නපුර පොලීසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන්  විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි මිණිපුර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (19450) ධර්මසේන මහතා ඇතුලූ නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම මරණය පිලිබඳව පොලිස් පරීක්ෂණ සිදුකරයි.

සුනිල් පියතිලක-රත්නපුර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.