lakbima.lk

නීති විරෝධී මත්පැන් වැටලීමකදී වෙඩි වැදීමකින් පොලිස් නිලධාරියෙක් මරුට

 

අකුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්ත ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

ඊයේ (22) සවස පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම නීති විරෝධී මත්පැන් තිබූ ස්ථානයක් වැටලීමට යාමේදී සැකකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලද පොලිස් නිලධාරීයා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ කොළඹගේවත්ත, දිද්දෙණිය, කනංකේ ලිපිනයේ පදිංචි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කලහගේ ලොකුගේ කසුන් සම්පත් නැමැති 30 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීටම අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.