lakbima.lk

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියේ ගැටි මගියෙකු ජිවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටි ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

ඊයේ (13) රාත්‍රි 7.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ නගර සතොස ශඛාව අසලදීය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියන් ජෙයරාජ් නැමති  47 හැවිරිදි දෙදරු පියෙකි.

අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරුපැදියට ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටි මගියා ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යැවිමේදි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරින් කියා සිටී.

යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, යතුරුපැදිකරුගේ  අධික වේගය අනතුරට හේතු වි ඇති බවත්, සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

රංජිත් රාජපක්ෂ  - හැටන් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.