lakbima.lk

මාරුවීම අවලංගුයි ඒත් දඹුල්ලේ කුණු තවමත් කුණුවෙයි



දඹුල්ල මහ නගර සභාවට  සිමාව තුල -දින කීපයක සිට විධිමත් පරිදි කැලිකසල බැහැර නොකිරීම නිසා ජනතාව පිඩාවට මුහුණදී සිටින බවත්   දඹුල්ල කුරුනැගල මාර්ගයේ ස්ථාන කීපයක අද (10 )පෙරවරුවේ තිබු අයරු ඡායාරූපවල දැක්වේ.  
නාගරික ප්‍රජ සුභ සාධක සංගමයේ ලේකම් සුසන්ත බටගොඩ   මහතා පෙන්වා දුන්නේ  .දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන්ගේ රාජකාරි අධීක්ෂණය සදහා යොදවා සිටි වැඩබලන වැඩ පරිපලකයෙකුගේ විෂමාචාර හැසිරීම නිසා පළාත් පාලන කොමසාරිස්ගේ නියෝගය මත තාවකාලිකව ඔහු  වෙනත් සේවා ස්ථානයකට මාරුකර හැර මුලික් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමග සෞඛ්‍ය කම්කරුවන් සේවා වලින් ඉවත්වූ බවය.
ඉකුත් 03 දින සිට   යලි මාරුකරන ලද සේවකයා යළි එම සේවා  ස්ථානයට අනුයුක්ත කිරීමට නගර සභා පරිපාලනය පියවර ගෙන ඇතත් නගරයේ කැලිකසල බැහැර කිරීම විධිමත් පරිදි සිදු නොවන බවත් නගර  මධ්‍යයෙන් බැහැර ප්‍රදේශවල කැලිකසල දින හතරකින් ඉවත් නොකිරීම නිසා බදු ගෙවන ජනතාවට  පිඩාවට පත්ව් සිටිමට සිදුව  බව එ මහතා පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍යය සේවාව  සදහා බදවා ගෙන් ඇති  කම්කරුවන් 15 දෙනෙකු පමණ මාර්ග කටයුතු සදහා නගර සභා පරිපාලනය විසින් යොදා තිබීම නිසා ඇතිව තිබෙන සේවක කළමනාකරණයේ ගැටළු උග්‍රවීම  මෙම තත්වයට හේතුවී තිබෙන බවත්   මිට  පෙර එවන්  තත්වයක් නොතිබූ බවද කියා සිටි එ මහතා  බදු ගෙවන ජනතාවමේ නිසා  පිඩාවට මුහුණදී සිටින බවය.  
කුරුණෑගල පාර, මාතලේ පාර, නගර සභා නිවාස අතුරු මාර්ග ඇතුළු මාර්ග රැසක නිවෙස් හා වෙළඳසල්  ඉදිරිපිට කම්බි වටවල්වල හා මාර්ගය දෙපස කැලිකසල ගොඩ ගසා තිබෙනු දැකිය හැකි බවද එ මහතා කියා සිටියේය.
මේ පිලිබදව දඹුල්ල මහ නගර සභවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්තද සිල්වා මහතාගේන් විමසීමේදී කියා සිටියේ සේවක හිඟය හා කැලිකසල ප්‍රවාහනය කිරීම සදහා වාහන ප්‍රමාණවත් නොවීම් නිසා මෙම තත්වය උද්ගතව ඇති බවය. දඹුල්ල ආරථික මධ්‍යස්ථානයේ එළවලු ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට කොම්පැක්ට්  රථ තුනක් යොදවා ඇති බවත් ඔවුන් රාත්‍රී 1200 සිට උදැසන 8.00 දක්වා රාජකාරි කරන බවත්,තවත් ට්‍රැක්ටර් රථ තුනක් නගරයේ මාතලේ පාරේ හා කුරුණෑගල පාරේ මෙන්ම නගර මධයයේ අතුරු මර්ගයන්හි කැලිකසල බැහැර කිරීමට යොදවා ඇති බවත්, ට්‍රැක්ටර් දෙකක් අබලන්ව අලුත්වැඩියාවට දමා ඇති බවත් ඇතැම් සේවකයින් සේවයට නොපැමිණීම වැනි කරුණු නිසා ගැටළු රැසක් මතුව තිබීම නිසා මෙම තත්වය ඇතිවී තිබෙන බව කියා සිටියේය.     

දඹුල්ල-අශෝක එරමිනිගම්මන
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.