lakbima.lk

එජාපයෙන් මෙවරත් ‍පොදු අපේක්ෂකයෙක්

 

මෛ ත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහා තම පක්ෂයෙන් මෙවරත් ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයට පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂය තුළ මේ මොහොතේ ආරම්භ වී ඇති අභ්‍යන්තර ගැටලු සහ පසුගිය කාලයේ ආණ්ඩුවට එල්ල වූ විවිධ චෝදනා සැලකිල්ලට ගනිමින් එම නායකයන් මෙම තීරණය ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය කැඩීයාම වැළැක්වීම සඳහා නැවතත් ‍පොදු අපේක්ෂකයකු යටතේ ජනාධිපතිවරණයට තරගකළ යුතු බව එ.ජා.ප. පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ අදහස වී තිබේ.

ඒ අනුව මෙවරත් ඔවුන් ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ සිටින ජනප්‍රිය පුද්ගලයකු ඉදිරිපත් කළ යුතු බවටද එකඟතාවකට පැමිණ ඇත.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.