lakbima.lk

වලංගු විසා නොමැතිව සිටි චීන ජාතිකයෙක් අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රෑදී සිටි විදේශියකු ගාල්ල දෙවට ප්‍රදේශයේදී ඊයේ  (05) වැනිදා අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අතුඅඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44 ක් වන චීන ජාතිකයකු වේ. සැකකරු අද 06 වන දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.  ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.