lakbima.lk

ලංගම වර්ජනයේ සහායට හැටන් ඩිපෝවත් එක්වෙයි

 

ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින්  ලංගම සේවකයන් විසින් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සියළුම සේවකයන් අද (13) දින සිට සහයෝගය දක්වන බව නිදහස් සේවක සංගමයේ හැටන් ලංගම ඩිපෝවේ සභාපති සහ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසිය.

අද උදසැන පාසල් ලමුන් ප්‍රවහනය කිරිමෙන් අනතුරුව ධාවනය වු සියළුම බස් රථ ඩිපෝවට රැගෙන විත් ගාල් කල බවත්, ඊයේ (12) දින ධාවනයට එක් කල දුර ගමන් සේවා බස් රථද අද දින හැටන් බස් නැවතුම්පොල වෙත පැමිණි පසු එම බස් රථ ඩිපෝවේ ගාල් කල බවයි සභාපතිවරයා කියා සිටියේ.

ලංගම බස් රථ වැඩ වර්ජනය සිදු කල ද මගින්ට අපහසුතාවයක් නොවන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බව හැටන් පෞද්ගලික බස්රථ නැවතුම්පොලේ වේලාසටහන්කරු පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.