lakbima.lk

මධුෂ් සමග අත්අඩංගුවට ගත් 23ක් දැනටමත් එවලා

 

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී එරට ‍පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අතරින් මෙරටට පිටුවහල් කිරීමට ඉතිරිව ඇත්තේ මාකඳුරේ මධුෂ් ඇතුළු තවත් පුද්ගලයන් අට දෙනෙකු පමණක් බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වන විට විසිතුන්දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අතර මාලිගාවත්තේ කංජිපාන ඉම්රාන්, රොටුඹ අමිල, ගන්දර ජංගා, ගායන ශිල්පි නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වැන්රොයන්, කළුතර බන්ධනාගාරයේ හිටපු නියාමකයෙකු වූ ලලිත් කුමාර, මාකඳුරේ මධුෂ්ගේ බාප්පා වූ රූපදාස සයිමන්, මධුෂ්ගේ මවගේ ඥාතියෙකු වූ නිලාන් රොමේෂ් සමරසිංහ, කංජිපාන ඉම්රාන්ගේ බිරිඳගේ සහෝදරියගේ පුත් මොහොමඩ් අෆ්රිඩි මොහොමඩ් ඉන්හාම් ඇතුළු පිරිස වේ.


 ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.