lakbima.lk

ශ්‍රිපාද රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ 07ක් අත්අඩංගුවට

ශ්‍රි පාද රක්ෂිතය තුල විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ  (22) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩර මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසෝ වතුයායේ ප්‍රිඩ්ලන්ඩ් කොටසට ඉහලින් වු ශ්‍රි පාද රක්ෂිතය තුලයි මෙම අනවසර මැණික් ගැරිම සිදු කර ඇත්තේ.

එම රක්ෂිතය තුල කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ග හරස් කරමින් රක්ෂිතය තුල විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස කාලයක් තිස්සේ රක්ෂිතය තුල ඉතා සුක්ෂම ලෙස අනවසර මැණික් ගැරිමේ  නිරතව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව පෙට්රොසෝ වතුයායේ පදිංචි කරුවන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.